අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව පුරා ජෛව ස්කන්ධ ඉන්ධන සැකසුම් හා හුවමාරු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර

    නොවැම්බර් 08, 2017

    පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහන  යටතේ  කර්මාන්ත තාප බල සම්පාදනය සඳහා දැව ඉන්ධන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ජීව ඉන්ධන විභවය සහ ජීව ඉන්ධන ඉල්ලුම පදනම් කරගනිමින්  ශ්‍රී ලංකාව පුරා ජෛව ස්කන්ධ ඉන්ධන සැකසුම් හා හුවමාරු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගැනේ.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්තිඅමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය  බලශක්ති අධිකාරිය මඟින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනුග්‍රහයෙන් ගෝලීය පාරිසරික පහසුකම් අරමුදලේ ප්‍රතිපාදන යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

    ඒ අනුව හෝමාගම ජෛව ස්කන්ධ ඉන්ධන සැකසුම් හා හුවමාරු මධ්‍යස්ථනය විවෘත කිරීමේ උත්සවය අද(08) ප.ව.4.30ට හෝමාගම,නියඳගල දී විදුලි බල හ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතාගේ ප්‍රධනත්වයෙන් සිදු කිරීමට නියමිත බව විදුලි බල අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya