මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙල් අර්බුදය ගැන සොයන්න කැබිනට් අනුකමිටුවක්

    නොවැම්බර් 07, 2017

    දැන් පවතින ඉන්ධන අර්බුදයට තුඩු දුන් හේතු සහ එයට කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් කැබිනට් අනු කමිටුවක් පත් කොට ඇත.

    අද (7) කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේ ඛනිජතෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම කමිටුව පත් කළ බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

     

    අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ පාඨලි චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශනයාපා යන අමාත්‍යවරුන්ය.

     

    ඛනිජ තෙල් සංස්ථාව විසින් තෙල් සංචිතයක් නිසි ලෙස පවත්වාගෙන නොයාම පිළිබඳව කමිටුව විශේෂයෙන් සොයා බලනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya