අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නාවික හමුදාපති හා යුද්ධ හමුදාපති අතර හමුවක්

    නොවැම්බර් 07, 2017

    22 වන නාවික හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ඩබ්ලිව් ඩබ්ලිව් වී ආර් ඩබ්ලිව් පි යූ එස් පි එන් ඩි සී පි එස් සී ඒ ඕඩබ්ලිව් සි ඊයේ (6) යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

    යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි වයිස් අද්මිරාල් රණසිංහ වෙත හමුදා මුර ආචාරයක් පිළිගන්වන ලද අතර, ඉන් අනතුරුව ඔහුව පිළිගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පිරිනමන ලද සම්මාන ආචාර පෙළපාලිය සඳහා පිඨිකාව වෙත කැඳවාගෙන යන ලදි.

     

    හමුදා ලේකම් කාර්යාලයේ දී නාවික හමුදාපතිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් නව නාවික හමුදාපතිතුමාට හඳුන්වා දෙනු ලැබීය.

     

    මෙම හමුවේ දී නාවික හමුදාධිපතිතුමා සහ යුද්ධ හමුදාධිපතිතුමා ද්වීපාර්ශීක වශයෙන් වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

     

    මෙම සුහද හමුව අවසානයේ දී සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya