අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් ජීවිතාරක්ෂක සේවයට නව තාක්ෂණය

    නොවැම්බර් 07, 2017
    ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක සේවය වෙත නව තාක්ෂණික උපකරණයක් වන ADE යන්ත්‍රයක් ලබාදීම ඊයේ (06) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ දී සිදු කෙරිණි.
     
    මෙම නව තාක්ෂණික උපකරණය දියේ ගිලුණු හෝ වෙනයම් තත්ත්වයක් හේතුවෙන් හදවතේ රිද්මය නතර වූ පුද්ගලයෙකු වෙත හෘද පෙනහළු ප්‍රති ප්‍රබෝධනය කිරීමේ ක්‍රියාවලිය විධිමත් ව ලබාදීම වෙනුවෙන් භාවිත කරනු ලබයි. මෙම එක් උපකරණයක් ලක්ෂ 03ක පමණ වටිනාකමින් යුක්ත වේ.
     
    පොලිස් ජීවිතාරක්ෂක සේවාවේ මෙම විශිෂ්ඨ සේවාව අගය කරමින් ස්විස්ටර්ලන්තයේ පදිංචි සුනිල් කැකුලන්දර මහතා විසින් මෙම නව තාක්ෂණික උපකරණය පොලිස් ජීවිතාරක්ෂක සේවාව වෙත පරිත්‍යාග කොට ඇත.
     
    පොලිස් ජීවිතාරක්ෂණ සේවාව මගින් 2014 වසරේ දී ජීවිත බේරාගැනීම් 72ක්ද, 2015 වසරේ ජීවිත බේරාගැනීම් 81ක් ද, 2016 වසරේ දී ජීවිත 132ක්ද, 2017 වසරේ ඔක්තෝම්බර් වන විට ජීවිත 76ක් ද බේරාගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya