නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ළඟම පාසල හොඳම පාසල"ට ප‍්‍රසාදය

    නොවැම්බර් 07, 2017
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ පසුගියදා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රසාදයට ලක් වී තිබේ.
     
    කාදිනල් හිමිපාණන් පවසන්නේ, අධ්‍යාපන අමාත්‍යංශය විසින් දියත් කර ඇති "ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය තමන් ද අනුමත කරන බවයි. 
     
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය දා කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ පැවති කතෝලික ගුරු දිනයේ දී උන්වහන්සේ මේ අදහස් පළ කළහ.
     
    ඇතැම් දෙමාපියන් තම දරුවන් ජනප‍්‍රිය පාසල් වෙත ඇතුළත් කරගැනීමේ දැඩි පිඩනයකින් පසුවන බව  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
     
    "ළඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය දියත් කරමින් ප‍්‍රධාන පාසල්වල ඇති පහසුකම් සෙසු පාසල් වලට ද ලබා දෙමින් ප‍්‍රාදේශීය පාසල් ඡාලය මෙන්ම රටේ සමස්ත පාසල් පද්ධතිය දියුණු කිරීමට මේ වන විට රජය ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya