ලබන 8 වනදා නැවක් පැමිණෙන අතර එතෙක් තෙල් ප්‍රමාණවත් වන බැවින් ජනතාව කලබලයට පත් නොවන ලෙසත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා, මේ බව පැවසුවේ අද(6) ලංකා ඛණිජ තෙල් නීතිගත සංථාවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
දැනට ඉන්ධන පිරවුම්හල්වලින් තෙල් ලබාගෙන ඇතැම් පිරිස් වැඩි මිලට විකුණන තත්ත්වයක් වාර්තා වන බවත් ඔවුන්ට එරෙහිව නිතීමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංථාවේ සභාපති ධම්මික රණතුංග ඇතුළු පිරිසක් සහභාගි වූහ.