අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේවාසික ප්‍රතිකාර ලබන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ගුරුවරුන් රෝහල් වෙත

    නොවැම්බර් 06, 2017
    රෝහලේ ගත වී දිගු කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වීමෙන් වළක්වාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මහරගම අපේක්ෂා රෝහල ද ඇතුලු ව විශේෂිත රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සිසු දරුවන්ට අදාළ විෂය කොටස් ඉගැන්වීමේ කටයුතු වෙනුවෙන් වසරක සේවා කාලයකට ගුරුවරුන් එම රෝහල්වලට අනුයුක්ත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටී.
     
    ඒ අනුව වසරක කාලයක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්තව සිටි විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී නවක ගුරුවරුන් 05 දෙනා ගේ වසරක සේවා කාලය අවසන් වීමත් සමග ඉදිරි වසරක කාලයක් සඳහා නවක ගුරුවරුන් 05 දෙනෙකු එම රෝහලට අනුයුක්ත කිරීම පසුගියදා සිදු කෙරුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya