අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ පද්ධතියේ සාධනීය වෙනසක් - අධිකරණ අමාත්‍ය

    නොවැම්බර් 06, 2017
    ඉදිරි මාස දෙක තුන ඇතුළත කිසිවෙක් අපේක්ෂා නොකළ ආකාරයේ බලාපොරොත්තු නොවු සාධනීය වෙනසක් අධිකරණ පද්ධතියේ සිදු කිරීමට කටයුතු කරන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.
     
    අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරීක්ෂකවරුන් කිහිප දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
     
    "විනිසුරුවරුන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම කරනු ලබන විශිෂ්ඨ සේවාව පිළිබඳ ව බොහෝ අයට නිසි අවබෝධයක් නැහැ.වසර 10 ක පමණ කාලය තුළ මේ ආයතනවල කටයුතු කරනු ලබන විනිසුරුවරුන්ට නිලධාරීන්ට යහපතක් වෙලා නැහැ. ඔබට අපිට තම තමන්ගේ රැකියාවට අමතරව තවත් විවිධ ව්‍යාපාරවල යෙදිලා කටයුතු කරන්න පුළුවන්. වෛද්‍යවරුන්ට උදේ රෝහලේ වැඩ කරලා හවස වෛද්‍ය මධ්‍යස්ථානයේ වැඩ කරලා මුදල් උපයන්න පුළුවන් එහෙත් විනිසුරුවරුන්ට එහෙම බැහැ. ඒ නිසා ඒ අයට මානසික තෘප්තියෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව අපි සකස් කරන්න ඹ්න. මගේ මේ අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරි අතරතුර යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කරනවා" යැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.
     
    අපිට ලැබෙන බලය තනතුරු සදාකාලික නොවන බැවින් දේශපාලන පක්ෂ පාට භේද අමතක කර ජාතීන්ට අනෙකුත් ආගම්වලට ගරු කරමින් ගෞරවාන්විතව ජීවත්විය යුතු බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
     
    මෙම අවස්ථාවට රත්නපුර ප්‍රාදේශීය ලේකම් සී.එම්.කෝට්ටවත්ත මහත්මිය අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya