මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලස්තීන ශ්‍රී ලංකා සබඳතාවය අඛණ්ඩව

    නොවැම්බර් 05, 2017
    රජයක් ලෙස ශ්‍රී ලංකාව පලස්තීන ජනතාව සමග සිටින බවත් යුදෙව් බලපෑම සමග මෙම ප්‍රශ්නය වර්ධනය වුවද එය කඩිනමින් විසදෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර ම පලස්තීනය සමග ඇති සබඳතාවය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    පලස්තීනයේ බැල්ෆෝ ප්‍රකාශනයට වසර 100 ක් ගතවීම නිමිත්තෙන් පලස්තීනයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ කථික තරගයේ ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධානොත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර ශාලාවේ දී පැවැත්විණි. එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    “අයුක්තියේ ශතකය” ලෙස පලස්තීනුවන් මෙම බැල්ෆෝ ප්‍රකාශණය හදුන්වනු ලබයි. පලස්තීනය තුළ යුදෙවු නිජ බිමක් ස්ථාපිත කිරීම සඳහා බ්‍රිතාන්‍ය ජාතික දේශපාලනඥයෙකු වන ආතර් ජෙමිස් බැල්ෆෝ මහතා 1917 නොවැමිබර් 02 දින මෙම ප්‍රකාශනයට අත්සන් කරන ලදි.
     
    “යුක්තිය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කිරිම ඉතාම වැදගත්. පලස්තීන අර්බුදය අපි තරුණ වියේ සිටම දකින ලද කරුණක්. මම පසුගිය වසරේ පලස්තීනයට ගොස් මෙම ප්‍රශ්නය සියසින්ම දැක ගත්තා" යනුවෙන් ද පැවසීය.
     
    මෙම උත්සවයට පලස්තීනයේ ශ්‍රී ලංකා තානාපති Zuhair Darjed, අමාත්‍ය ෆයිසර් මුෂ්තාෆා, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක, හිටපු අමාත්‍යවරුන් වන තිස්ස විතාරණ, ඉමිටියාස් බාකිර් මාකාර් මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya