මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ඇරඹේ

    නොවැම්බර් 05, 2017

    රටේ ජනතාව ප්‍රශ්නවල කොටස්කරුවන් කරනවා වෙනුවට විසඳුම්වල කොටස්කරුවන් බවට පත් කිරීමේ අරමුණ තම දේශපාලන දැක්ම බවත් ඒ අරමුණ පෙරදැරි කරගනිමින් නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු නොමැති පවුල් වෙනුවෙන් ඉඩම් ඔප්පු ලබා දීම සිදු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

    නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු නොමැති පවුල් 4,000කට ආසන්න ප්‍රමාණයකට නීත්‍යනුකූල ඉඩම් හිමිකම් බලපත්‍ර ලබාදීම වෙනුවෙන් අද (05) දෙණියායේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහාතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    නීත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම මාතර දිස්ත්‍රික්කයේ දී පැවැත්වූ පළමු අවස්ථාව මෙය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉඩම් ගැටලුවලින් ජනතාවට ස්ථීරසාර විසඳුමක් ලබාදීම තුළින් ඔවුන්ගේ පවුල් ආර්ථික වශයෙන්ද ශක්තිමත් වන බව ද පෙන්වා දුන්නේය.

    දශක ගණනක් ඇඳීයන මෙවැනි ප්‍ර‍ශ්න සඳහා සති තුනක් වැනි කාලයක් තුළ විසඳුම් ලබාදීමට හැකි වූ බවත්  ජනතාවට ලබාදුන් පොරොන්දු අමතක නොකර ඒවා ඉටු කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

    තේ සඳහා ස්ථීර මිලක් ලබාදීම තිබෙන අතර අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තේ වගාව සඳහා හිරවී සිටීමට අවශ්‍ය නොවන

    දකුණේ ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනතාවට තේ වගාවේ හිරවී සිටිය යුතු නැති බවත් හම්බන්තොට වරාය දියුණු කිරීමේ ව්‍යාපෘතිය දැන් ආරම්භ කරලා තියෙන අතර ඒ හරහා බිහිවන හම්බන්තොට කර්මාන්ත පුරය දකුණේ ආර්ථිකය තව තවත් ශක්තිමත් කරන බවත් ඒ මහතා පැවසීය.

    "මේ හැම දේම කරන්න කලින් අපිට විශාල වගකීමක් පැවරිලා තිබුණා.ඒ තමයි රටේ සමඟිය ඇති කරලා ආරක්ෂාව, සාධාරණත්වය සියලු පුරවැසියන්ට එකසේ ලබා දීම. අපිට ඒ දේ කරන්න පුළුවන් වුණා. රටේ පුරවැසියාට වගේම සංචාරකයාට මෙන්ම ආයෝජකයාටත් රට පිළිබඳ ආකර්ශනයක් ඇතිවෙන්නේ එවිටයි.අපිට ඒ අරමුණ ජය ගන්න හැකිවෙලා තියෙනවා.අපි මේවන විට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා" යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    ගර්භනී මාතාවන් වෙනුවෙන් ලබා දෙන රුපියල් විසිදහසක මුදල තවත් විධිමත් කරමින් තමන්ගේ ජංගම දුරකතනය හරහා ලබාදීමේ ක්‍රමවේදය ලඟදීම ආරම්භ කරන බවත් රටේ ජනතාව වෙනුවෙන් සම්පූර්ණයෙන් කැප වී සේවය කිරීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ  හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya