අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හැකියාවට රැකියාවක්" වැඩසටහන් මාලාවක් රත්නපුරයේදී

    නොවැම්බර් 04, 2017

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් මෙහෙයවනු ලබන " හැකියාවට රැකියාවක්" වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවක් රත්නපුර දිස්ත්‍රික්යේ ලබන 11 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

    එහි සමාරම්භක වැඩසටහන නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේදී පැවැත්වේ.

     

    ජීවිතේ සාර්ථක කරගැනීමේ අවස්ථා, නව දේශීය හා විදේශීය රැකියා අවස්ථා, සහශ්‍රක රැකියා අභියෝග ජයගැනීම, වෘත්තීය පුහුණුවේ නව ප්‍රවණතාවන් හා වෘත්තීය පුහුණු සඳහා ඇතුළත්වීම පිළිබඳ සේවාවන් ලබාදීම සිදු කෙරේ. ගාස්තු අයකිරීමකින් තොරව මෙම වැඩසටහන පෙ.ව. 9.00 සිට  ප.ව. 3.00 දක්වා පැවැවේ.

     

    පාසල් අධ්‍යාපනය අවසන් කරමින් සමාජගත වන තරුණ තරුණියන්ට පිරිපුන් දැනුමක් ලබාදෙමින් රටට දැයට මෙන්ම අනාගතයට යහපත් ප්‍රතිඵලයක් ලබාදී තරුණ පිරිස් සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

     

    එම තරුණ පිරිස් කාර්යක්ෂම, ඵලදායී හා නිපුණතාවයකින් හෙබි වෘත්තිකයෙකු බවට පත්කිරීම සඳහා මෙම මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

     

    වැඩිදුර තොරතුරු සඳහා 0452233359/0702306060 ඔස්සේ ජයම්පති ගලබඩආරච්චි මහතා සම්බන්ධීකරණය කර ගැනීමට හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya