අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - චීන ආර්ථික සහ තානාපති සබඳතා සැමරේ

    නොවැම්බර් 04, 2017

    විදේශ කටයුතු අමාත්‍ය තිලත් මාරපන මහතා චින විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යිගේ මහතාගේ ආරාධනයකට අනුව පසුගිය 30 වැනි දා සිට ඊයේ (03) දක්වා චීනයේ බීජින් නුවර නිල සංචාරයකට එක්ව සිටියේය.

    ශ්‍රී ලංකා - චීන අතර ආර්ථික සබඳතාවයට වසර 65ක් සහ තානාපති සබඳතාවයට වසර 60ක්  සැමරීමේ වාර්ෂික උත්සවයට සහභාගිවීම අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේ අරමුණ වේ.

     

    දෙරටේ අවශ්‍යතාවන් පැන නඟින සෑම අවස්ථාවකදීම දෙපාර්ශ්වයටම සහය දුන් බවත් රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික ක්ෂේත්‍ර‍වල පමණක් නොව ජාතික වශයෙන් ප්‍ර‍ශ්න ඇති වූ අවස්ථාවලදී ද දෙරටේ සහාය ලබාදුන් බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේක කොඩිතුවක්කු මහතා පැවසීය. ඒ මහත් මේ බව ප්‍ර‍කාශ කළේ මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව සිදු කරමිනි.

     

    1952 දී "රබර්-සහල් ගිවිසුම" දෙරටේ සබඳතා වර්ධනයේ සන්ධිස්ථානයක් වූ බවත් අතීතයේ සිට දෙරට අතර පවත්නා දිගුකාලීනව දෙරටේ සමීප මිත්‍ර‍ත්ව සබඳතා ගොඩනැඟීම , සහයෝගිතාව, අන්‍යෝන්‍ය විශ්වාසය හා අවබෝධය හා ඓතිහාසික, ආර්ථික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් පදනමක් මත ගොඩ නගා ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කළේය.

     

    චීනයේ විදේශ අමාත්‍ය වෑන් යි, චීනයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චෙන් සැෂෝ ඩොං  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya