මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් කර්ණාටක සංගීත තරගවල අවසන් තරග අද

    නොවැම්බර් 04, 2017

    ප්‍රථමවරට මෙරටදී පැවැත්වෙන සමස්ත ලංකා පාසල් කර්ණාටක සංගීත තරඟාවලියේ අවසන් වටයේ තරග අද (4) ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව මෙම තරග අද සහ (05) දෙදින තුළ ත්‍රිකුණාමලය  - අභය පුර විදුහල සහ සිංහල මහා විදුහල, රාජකීය විද්‍යාලෝක විදුහල යන විදුහල්වලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් සංගීත / බටහිර සංගීත / නර්තන / චිත්‍ර කලා/ නාට්‍ය හා රංග කලාව යන තරඟාවලියට අමතර වශයෙන් 2017 වසර සිට කර්ණාටක සංගීත තරඟයක් ද පැවැත්වීමට පියවරගෙන තිබේ.

     

    දරුවන් සතු සුවිශේෂී දක්ෂතා ඔප්නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම යටතේ මෙවැනි විශේෂ තරගාවලි සංවිධානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

     

    මේ තුළින් වි⁣ශේෂයෙන්ම දමිළ සහ මුස්ලිම් දරු දැරියන්ට ඔවුන් හදාරණ සංගීත විෂයය පිළිබඳ ශිල්පීය කුසලතා සංවර්ධනය කර ගැනීමට අවස්ථාව හිමිවේ. ඒ තුළින් සිදුවන ගුණාත්මක රසාඥතා හැකියා වර්ධනය සහ  නිර්මාණාත්මක කුසලතාව වර්ධනය තුලින් පෞරුෂයීය ගුණාංග සංවර්ධනය කිරීම අපේක්ෂාව වන අතර, මෙම තරගයෙන් ජයග්‍රහණය ලබන සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථාවන් සඳහා ද  ප්‍රමුඛතාවන් හිමිවීම විශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya