මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝත්‍රික යුගයකට ගිය රටක් අප වෙනස් කළා

    නොවැම්බර් 03, 2017

    ගෝත්‍රික යුගයකට ගිය රටක් අප වෙනස් කිරීමට හැකි වූ බවත් පසුගිය කාලයේ වැරදි කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර කඩිනමින් දඬුවම් ලබාදීමට කටයුතු කරන බව අධිකාරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරිය මේ බව පවසා සිටියේ පසුගිය දා රත්නපුර,පඹහින්න ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    අපි 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාවට පොරොන්දුවක් වුණා.රටේ නිදහස , මාධ්‍ය නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය,ත පොලිස් සේවයේ රාජ්‍ය සේවයේ නිදහස අපිට ඇතිකරන්න පුළුවන් වුණා.

    අද හැම කෙනෙක්ටම තමන් කැමති විදිහට දිනපතා උද්ඝෝෂණය කිරීමේ අයිතිය මේ රජය ලබාදී තිබෙනවා.

    අද අපිට ලෝකෙට පණිවිඩයක් දීලා තියෙනවා.අපිව හමුවීමට එන විදේශීය නියෝජීතයෝ ජනතාවගේ නිදහස වෙනුවෙන් අපි කරපු දේවල් ගැන කතාකරනවා. ගෝති‍්‍රක යුගයට යමින් හිටිය රටක් තමයි අපි 2015 වෙනස් කළා.
    අද නිදහස තහවුරු කරලා හොඳින් ජීවත්වීමේ අයිතිය ලබාදීලා තියෙනවා.

    නම් නඩු කටයුතුවල ෆයිල් හංගන්නේනැත්නම්  මාධ්‍යවේදීන් තර්ජනය කරන්නේ නැත්නම් දූෂිත කි‍්‍රයා නතර කරලා තියෙනවා නම් අද අපිට තියෙන්නේ
    ජනතාවට සංවර්ධනය ලබාදීමයී යනුවෙන් අමාත්‍යවරිය ප‍්‍රකාශ  කළාය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya