අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත්

    නොවැම්බර් 03, 2017

    දිවයින ආශ්‍රිත  පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතිනබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වේ.

    දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති වේ. සමහර ස්ථානවලට, විශේෂයෙන්ම උතුර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල පැය 24 ක් තුල මි.මී 100 ට වැඩි  තද වැසිද ඇති විය හැක.

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya