අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත රණවිරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය අදත්

    නොවැම්බර් 02, 2017

    යුද්ධයෙන් තුවාල ලැබූ රණවිරුවන්ගේ සහජ කලාත්මක හැකියාවන් අගයමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඊයේ (1) කොළඹ 7 ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී ඔවුන්ගේ කලා කුසලතාවයන් එළිදක්වමින් සංවිධානය කරන ලද අත්කම් හා කලා ප්‍රදර්ශණය උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.

     

    යුද්ධයෙන් තුවාල ලැබ පෙනීම අහිමි වූ, අත් පා අහිමිව ඇදන් මත නේවාසිකව සිටින මෙම වීරෝදාර රණවිරුවන් විසින් විශිෂ්ඨ ලෙස නිර්මාණය කරන ලද අත්කම් හා කලා නිර්මාණ 300 කට වැඩි ප්‍රමාණයක් මෙහිදී ප්‍රදර්ශණයට තබා ඇති අතර, රටෙහි ප්‍රධාන කලාගාරයකදී මෙවැනි ප්‍රදර්ශණයක් මහජන ප්‍රදර්ශණයට තැබෙන පළමු අවස්ථාව මෙයයි.

     

    යුද්ධ හමුදාධිපතිගේ ආශිර්වාදයෙන් යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරුසු ගේ අධීක්‍ෂණය යටතේ වත්තල, රණවිරු සම්පත් කේන්ද්‍රයේ සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මෙම අත්කම් හා කලා නිර්මාණ ප්‍රදර්ශණය දැන් පැවැත්වේ.

     

    මෙය අද රාත්‍රී 10.00 දක්වා මහජන ප්‍රදර්ශණයට විවෘතව තැබෙනු ඇත.

     

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ආබාධිත රණවිරුවන්ගේ සුවිශේෂී ප්‍රදර්ශණ භාණ්ඩ නිරීක්‍ෂණය කරමින් ඔවුන් එම කලා නිර්මාණ නිෂ්පාදනය සදහා යොදාගත් අමුද්‍රව්‍ය, නිර්මාණය සිදුකළ ආකාරය පිළිබඳව හා ඔවුන් සමග ද සුහද පිළිසඳරක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya