එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිපික් කලාපීය ආර්ථික හා සමාජයීය කොමිසම මගින් පැවැත්වු “ තිරසාර නාගරික ප්‍රවාහන දර්ශකය ” පිළිබඳව ජාතික පුහුණු වැඩමුළුවට අද (30) කොළඹ පැවති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මහා පාරවල් අසල අද අනවසර ඉදිකිරීම් රාශියක් ඇතිවී තිබෙන අතර මාර්ග පුළුල් කිරීම්, අධිවේගි මාර්ග ඉදිකිරීම් සිදුකළත් විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදු වී තිබෙන බවත් ඒ නිසා මේ සමුළුවේදී ශ්‍රී ලංකාවේ යෝජනා හා මුහුණ පෑමට ඇති අභියෝග පිළිබඳව සඳහන් කරමින් වාර්තාව සකස් කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙහිදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ මහතා, එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිපික් කලාපීය ආර්ථික හා සමාජයීය කොමිසමේ (UNESCAR) ආර්ථික නිළධාරී Madan B. Regmi යන මහත්වරුන්ද උත්සව සභාව ඇමතීය.
මෙම වැඩමුළු දෙදිනක් පුරා පැවැත්වෙන අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ආයතන 15 ක් බංගලාදේශය, නේපාලය, ඉන්දුනීසියාව, මැලේසියාව, මියන්මාරය, ඉන්දියාව, තායිලන්තය හා වියට්නාමය යන රටවල්වල නියෝජිතයින් සහභාගි වූහ.