නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කිහිපයකට වැසි

    ඔක්තෝබර් 30, 2017

    දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වේ.

    දිවයිනවටා වන වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැක.

    සමහර ස්ථානවලට විශේෂයෙන් ඌව පළාතේ සමහර ස්ථානවලට මි.මී150ට ආසන්න තද වැසිද, සබරගමුව, මධ්‍යම,උතුරුමැද සහ උතුරු පළාත් වල සමහර ස්ථානවලට (මි.මී. 100වැඩි) තද වැසිද, ඇති විය හැක.

    දිවයිනේ බස්නාහිර,සබරගමුව,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya