නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා කුටියක්

    ඔක්තෝබර් 29, 2017

    මහජනතාවට කොන්සියුලර් සේවාවන් සපයන කුටියක්  කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන INFOTEL 2017 ප්‍රදර්ශනයේදී  ලබන නොවැම්බර් මස 02, 03, 04, 05 යන දිනවල පවත්වනු ලබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

    එය එම දිනයන්වල පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා එම සම්මන්ත්‍රණ ශාලාවේ  Block “C” හිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් (ප්‍රදූත) අංශය විසින් පවත්වනු ලැබේ.

    ලේඛන සත්‍යාපනය කිරීමට අවශ්‍ය මහජනතාවට දුරස්ථ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය(e-DAS) ඔස්සේ කොන්සියුලර් සේවාවන් මෙහිදී ලබාදීම සිදු වේ.

    දුරස්ථ ලේඛන සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය(e-DAS) පිළිබඳ වැඩි විස්තර http://www.mfa.gov.lk/index.php/en/consular-services/authentication-of-documents- යන අන්තර්ජාල සබැඳිය ඔස්සේ ලබා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya