එම සමුළුව සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙයි. “බෝවන රෝග තුරන් කිරිම සඳහා සියලු දෙනා එක්වීම” යන තේමාව යටතේ සමුළුව පැවැත්වෙයි.
අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා වන සෙයික් මොහොමඩ් බින්, බිල් ගේට්ස් පදනම සහ කාටර් මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන මෙම සමුළුව සදහා ගෝලීය සෞඛ්‍ය නායකයින් 200 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය. සමුළුවේ දී මැලේරියා රෝගය තුරන් කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීමට අපේක්ෂිතය. පසුගිය වසර 15 තුළ මැලේරියා රෝගය තුරන් කිරිම සඳහා ගත් ක්‍රියාමාර්ග සහ ප්‍රගතිය, ඉදිරි අභියෝග සහ ආර්ථික බලපෑම පිළිබඳව මෙහිදී අවධානය යොමු කරයි.
මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාවට විශේෂ තැනක් හිමි වී ඇත. මැලේරියාව තුරන් කිරීම පිළිබඳව පැවැත්වෙන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව 2016 වර්ෂය වනවිට මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහතිකය ලබාගැනීම, රජයේ කැපවීම, මැලේරියාව තුරන් කිරීමෙන් ලැබූ ප්‍රතිඵල, ජනතාවගේ මැදිහත්වීම සහ සෞඛ්‍ය අධ්‍යාපනය යන කරුණූ කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමට නියමිතය.
එම සැසිවාරය සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, ඇතුලු සෞඛ්‍ය බලධාරීන් 05 දෙනෙකු කරුණු දැක්වීමට නියමිතව ඇත. Dr. Pedro Aionso (Director Global Malaria Programme WHO), Austin Burt (Professor of Evolutionary Genetics – London), Dr. Richard Nchabi Kamwi (Ambassador, Elimination 8), Dr. Winnie Mpanju Shumbusho (Former Assistant Director General WHO), යන වෛද්‍ය බලධාරීන් ද මෙම සැසිවාරයේ දී අදහස් දැක්වීමට නියමිතය.
තව ද මෙම සමුළුවේ ප්‍රධාන කථීකයින් 12 දෙනෙකු අදහස් දැක්වීමට නියමිතය. එම කථිකයින් අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද නම් කර තිබීම සුවිශේෂි කරුණකි. සමුළුවට සහභාගි වන අනෙකුත් ප්‍රධාන කථිකයින් වන්නේ
Dr. Tedros Adhanom Ghebreyesus (Director-General, World Health Organization), Ellen Agler (Chief Executive Officer, The END Fund), Dr. Pedro Alonso (Global Malaria Program, World Health Organization), H.E. Dr. Maha Barakat (Director General, Health Authority of Abu Dhabi and Roll Back Malaria Board Member), Larry Brilliant (Acting Chair, Skoll Gobal Threats Fund), Austin Burt (Professor of Evolutionary Genetics, Imperial College, London), Mr. Bill Gates (Co-Chair & Trustee), Dr. Richard Kamwi (former Minister of Health, Namibia), H.E. Dr. Bandar M.H. Hajjar (President, Islamic Development Bank Group), Dr. Winnie Mpanju-Shumbusho (Director of the Guinea Worm Disease Eradication Program, The Carter Center), වෙයි.
මෙම සමුළුව අතරවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ බිල් ගේට්ස් පදනමේ නිර්මාතෘ හා ලොව ප්‍රධානතම ධනවතා වන බිල් ගේට්ස් අතර හමුව සිදු කිරීමට සැළසුම් කර ඇත.