නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුහපතිවරුන්ගේ ද මාරුවීම් ළඟදීම

    ඔක්තෝබර් 29, 2017

    ගුරුවරුන් පමණක් නොව වසර දහයකට වඩා එකම පාසලේ රාජකාරිය කළ ජාතික පාසල් වල විදුහල්පතිවරුන්ද ළඟදීම වෙනත් පාසල් සඳහා මාරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

    ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය වෙනුවෙන් නොබියව නිවැරදි තීන්දු තීරණ ගැනීම සඳහා තමන් කිසි විටෙකත් පසුබට නොවන බවද අවධාරණය කළේය.

    කිසිදු තීරණයක් කිසිවකු සමඟ ද්වේශ සහගතව නොව අධ්‍යාපන පද්ධතියේත්, ක්ෂේත්‍රයේත් උන්නතිය වෙනුවෙන් ගන්නා බවත්  කලට වෙලාවට ගත යුතු තීන්දු සහ තීරණ නිසි පරිදි නොගැනීම හේතුවෙන් අධ්‍යාපන පද්ධතියට තුළ මතුව ඇති අර්බුදය පිළිබඳව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya