නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දින කිහිපයේ වැසි වැඩිවීමක්

    ඔක්තෝබර් 29, 2017

    දිවයින ආසන්න පහල වායුගෝලයේ ඇතිවෙමින් පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද සිට ඉදිරි දින කිහිපයේදී පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්  අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇති ‍වේ.

    උතුරු සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැක.

    සමහර ස්ථානවලට (විශේෂයෙන්  සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත්, අම්පාර සහ හම්බන්තොට  දිස්ත්‍රික්කවලත්) තද වැසි (මි.මී. 100 වැඩි) ඇති විය හැක.

    දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ  ඌව පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya