නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධ ධර්මාචාර්ය විභාගය අද සිට

    ඔක්තෝබර් 28, 2017
    බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2016 (2017) අද (28) හෙට (29) සහ නොවැම්බර් මස 05 වන දින පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 148 කදී පැවැත්වීමට නියමිත මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ 21,760 ක් පෙනී සිටිති.
     
    එමෙන් ම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය - 2017 අද  (28) දිවයින පුරා පැවැත්වේ.
     
    දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 63 කදී සිංහල / දෙමළ - I / II / III / IV වන මට්ටම් යටතේ පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ 7878ක් පෙනී සිටිති.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya