නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බෞද්ධ මහා සම්මේලනය 2 දා සිට ශ්‍රී ලංකාවේදී

    ඔක්තෝබර් 27, 2017

    ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වෙනි බෞද්ධ සමුළුව නොවැම්බර් 02 වැනි දින සිට 07 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් මෙවර මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, සාමාජික රටවල් 47 ක ප‍්‍රධාන සංඝනායක හිමිවරු තුන්සිය නමක් ප‍්‍රමුඛ ගිහි පැවිදි නියෝජිතයෝ රැසක් මීට එක් වෙති.

    බුදු දහමින් පෝෂණය වූ ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත රටක් වන ශ්‍රී ලංකාව, හත්වැනි බෞද්ධ මහා සමුළුව ජාතික උත්සවයක් ලෙසට නම් කර පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

    " ලෝක සාමය උදෙසා බුදු දහම" යන තේමාව යටතේ ජපානයේ උත්තරීතර ලෝක බෞද්ධ සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම සමුළුවේදී ලෝක සාමය හා සාරධර්ම ඇති කරලීම සඳහාත්, ලෝකය පුරා බුදු දහම තවදුරටත් ව්‍යාප්ත කරලීම සඳහාත් වන ප‍්‍රකාශයක්  එළිදැක්වීමට ද නියමිතය.
     
    සමුළුවේ සමාරම්භක උත්සවය නොවැම්බර් 02 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන අතර නොවැම්බර් 02 සහ 03  දෙදින සමුළුව අරලියගහ මන්දිරයේ ප‍්‍රධාන සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.

    නොවැම්බර් 04 වන දින සමුළුවේ සමාප්ති උත්සවය සහ සංස්කෘතික සංදර්ශනය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙනු ඇත.
    සමුළුව සඳහා සහභාගීවන සියලුම නියෝජිතයන්ට නොවැම්බර් 05 වන දින අනුරාධපුර, පෞරාණික අටමස්ථානය වැඳපුදා ගැනීමට අවස්ථාව සළසා තිබෙන අතර, නොවැම්බර් 06 වන දින ඓතිහාසික මහනුවර දළදා මාලිගාව වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා තිබේ.

    බෞද්ධ දර්ශනය සහ බුදුදහම ප‍්‍රචාරය කිරීමේ අරමුණ පෙරදැරිව ලෝක බෞද්ධ මහා සමු`ථව සියලූ බෞද්ධ නිකායන්වල මහානාහිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් 1998 වසරේදී ආරම්භ කෙරිණි.

    එතැන් පටන් අද දක්වා දශක දෙකකට ආසන්න කාලයක් තුළදී බුදු දහම ප‍්‍රචාරය කිරීම සඳහා වූ සෑම උත්සාහයක්ම එහි සාමාජික රටවල්වල උත්තරීතර බෞද්ධ නායකයින් විසින් සිදුකර ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ආරම්භයේදී බෞද්ධ මහා සම්මේලනය සඳහා සහභාගී වූ එක් කලාපයකට පමණක් අයත් වූ රටවල් 13කින් සමන්විත වූ සාමාජික රටවල් සංඛ්‍යාව, 7 වැනි බෞද්ධ මහා සම්මේලනය පැවැත්වීමට කටයුතු කරන අද වන විට ලෝකයේ මහද්වීප 05 ක් පුරා රටවල් 47 ක් දක්වා ව්‍යාප්ත වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya