සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදාචාරාත්මක සංවර්ධනයට පාසල් පද්ධතියෙන් වැඩසටහන් රැසක්

    නොවැම්බර් 30, -0001

    සමබර පෞරුෂයක් සහිත පාසල් දරුවකු බිහිකිරීම සඳහා ආධ්‍යාත්මික සහ සදාචාර සංවර්ධන වැඩසටහන් රාශියක් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ දී දකුණු කොරියාවේ ජාත්‍යන්තර තරුණ සහභාගිත්ව ආයතනයේ (International Youth Fellowship) සභාපතිවරයා ප්‍රමුඛ විශේෂ නියෝජිත පිරිසක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් සමඟ ඊයේ (26) පැවති සංවාද මණ්ඩපයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    සමාජයට සේවය කරන 21 වන සියවසේ සැබෑ නායකයින් ලෙස ස්වයං විනයක් සහිත නිර්මාණශීලී තරුණයන් බිහිකිරීම සඳහා විවිධ අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීමට අදහස් කර ඇති බව ද පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා මෙරට අධ්‍යාපනය නගා සිටුවීම සඳහා විවිධ රටවල සංස්කෘතික අත්දැකීම් ලබාගැනීම වැදගත්වන බව ද පෙන්වා දුන්නා.

    අධ්‍යාපන අමාත්‍යවරයාගේ මග පෙන්වීමෙන් පාසල් දරුවන්ගේ සදාචාරාත්මක සහ ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කරන කටයුතු ඇගයීමට ලක් කළ ජාත්‍යන්තර තරුණ සහභාගිත්ව ආයතනයේ (International Youth Fellowship) සභාපති Dr. Janehong Kim මහතා ඒ සඳහා තම ආයතනය හරහා උපරිම සහයෝගය ලබා දෙන බව ද ප්‍රකාශ කළේය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ දකුණු කොරියාවේ ජාත්‍යන්තර තරුණ සහභාගිත්ව ආයතනයේ (International Youth Fellowship)  නියෝජිතයින් පිරිසක් එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya