නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආඝාත රෝග ලක්ෂණ ඇති වූ වහාම ප්‍රධාන රෝහලකට යොමුවන්න - ප්‍රමාද නොවන්න

    ඔක්තෝබර් 26, 2017

    ආඝාතය රෝග ලක්ෂණ ඇති වූ වහාම හැකි විගස  ප්‍රධාන රෝහලක් කරා යොමු වන ලෙස කොළඹ ජාතික රෝහලේ, ප්‍රධන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

    වෛද්‍යවරිය මේ බව අවධාරණය කළේ, ඔක්තෝබර් 29 දිනට යෙදෙන ලෝක ආඝාත දිනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමිනි. කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (26) මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

    ආඝාතය රෝගය විසින් සිදුවන්නේ අධි රුධිර පීඩනය නිසා රුධිර නාල අවහිර වී හෝ රුධිර නාල පුපුරා යැමෙන් සිදුවන මොළයට වන බලපෑමක්. මෙය ඉතාමත් භයානක රෝගයක්. රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ මරණවාට හේතුවන තෙවැනි කරුණ වන්නේ ආඝාතයයි.

    මෙම රෝගී තත්ත්වය පිළිබඳව සමීක්ෂණයක් සිදු කළා. මාස හයක කරුණු එක්‍රැස් කළා. මාස හයක් තුළ රෝගීන් 2753ක් වාර්තා වී තිබෙනවා. දිනකට ජාතික රෝහලට රෝගීන් හතරක් පහක් ඇතුළ වෙනවා.

    රෝගයට ගොදුරුවන ප්‍රධාන වයස් කාණ්ඩය අවුරුදු 60 අඩු අයයි. එය සියයට 33%ක්.තරුණ පිරිස වයස 45 ට අඩු සියයට 7%ක්. මෙය සෑලකිලිමත් විය යුතු සන්ඛ්‍යාවක්.වැඩි වශයෙන් ආඝාතයට ගොදුරු වන්නේ පිරිමින්. කාන්තාවන් ගොදුරුවීම සියයට42.6%.පිරිමි පක්ෂය සියයට 57%ක්. ප්‍රධාන සාධකය වන්නේ අධි රුධිර පීඩනයයි. දුම් බීම, මද්‍යසාර පානය, ව්‍යායාම මදිකම, දියවැඩියාව, කොළොස්ට්‍ර රෝල් යන කාරණා බලපානවා. වැරදි හා සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාව තව ප්‍රධාන හේතුවක්.


    මුඛය ඇදවීම,කතා කිරීමේ අපහසුතාවය, අත් අප්‍රාණික වීම, ආදී තම ශරීරයේ අත්පාවල අසාමාන්‍ය තත්ත්වයක් ඇතිවුවහොත් වහාම ළඟ ප්‍රධාන රෝහලක් වෙත හැකි ඉක්මනින් යොමු වෙන්න. නිසි කලට ප්‍රතිකාර සිදු වුනොත් රෝගය සුවකරගත හැකියි.ආබාධ අඩු කරගත හැකියි.

    ආඝාත රෝගීන් වෙනුවෙන් රෝහල්වල පහසුකම් තවදුරටත් වර්ධනය කළ යුතුයි. ඉදිරියේ දී මුල්ලේරියාවේ දී ජාතික ආඝාත මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙනවා යැයි ද වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya