නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මහනුවර නිරීක්ෂණ චාරිකාවක

    ඔක්තෝබර් 25, 2017

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කදුරට සේවය නිරීක්ෂණය කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඊයේ (24) පැමිණියේය.

    එහිදී කඳුරට ගුවන් විදුලිය වැඩි දියුණූ කිරීමේ සැලැස්මක් සකස් කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහි පළමු පියවර වශයෙන් රුපියල් මිලියන 10 ක මුදලක් ලබා දීමටද කටයුතු යොදන ලදී. වසරක පමණක් කාලයක් පුරප්පාඩුව පැවති කඳුරට සේවයේ පාලක තනතුර සදහා සමන් ජයරත්න මහතා පත් කිරීමටද මෙහිදී සුදර්ශන ගුණවර්ධන මහතා පියවර ගත්තේය.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වෙත පැමිණි සුදර්ශන ගුණවර්ධන මහතා ලංකාව පුරා ස්ථාපිත කොට ඇති දිස්ත්‍රික් මාධ්‍ය ඒකක මුහුණ දෙන ගැටළු සහ අභියෝග ගැනද සාකච්ඡා කළ අතර, ඉදිරියේදී දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සම්බන්ධයෙන් වඩාත් යථාර්ථවාදී වැඩපිළිවෙලක් දියත් කිරීමට කටයුතු යොදන බවද පැවසීය.

     

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ කිහිපයක් එහිදී වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පිරිනැමීමටද මහනුවර මාධ්‍ය ඒකකයේ නිලධාරීන් කටයුතු යොදන ලදී.

     

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතාද මෙම අවස්ථාවන්ට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya