අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතොසෙන් තොග මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ

    ඔක්තෝබර් 19, 2017

    ගම් මට්ටමේ සිටින ව්‍යාපාරිකයින්ටද සහල් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ලංකා සතොස හරහා තොග මිලටම ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ලංකා සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා පවසයි.

    සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ලංකා සතොස මගින් සහන මිලට අලෙවිකිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කොළඹ සතොස ප්‍රධාන කාර්යාලයේදී අද (19) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    මේ අනුව දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් 370න් මෙම පහසුකම ගම් මට්ටමේ ව්‍යාපාරිකයින්ට හිමිවන බවත් සුදු කැකුළු, නාඩු, කැඩුනු සහල් මෙන්ම සම්බා සහල් මෙහි ප්‍රථම අදියර ලෙස ව්‍යාපාරිකයින්ට ලබාදීමට කටයුතු කරන බවත් ඉදිරියේදී සැමන්, හාල්මැස්සන් වැනි ආහාර ද්‍රව්‍ය ද තොග මිලට ගම් මට්ටමේ වෙළඳ ප්‍රජාවට ලබාදෙන බවත් ලංකා සතොස සභාපතිවරයා පෙන්වා දුන්නේය.

     

    පාරිභෝගික ජනතාවට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමටත් කලුකඩකාරයින් විසින් සිදුකරන ජනතාව සූරාකෑම නතර කිරීමටත් මෙම තීරණය ගෙන ඇතයිද ඒ මහතා පවසයි.

     

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මගපෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් මේ වනවිට සතොස නිළධාරීන් ප්‍රාදේශීය මට්ටමින් අදාළ වෙළෙඳ සංගම් සාමාජිකයින් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් ලංකා සතොස සභාපති ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya