මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් වී දිවයිනෙන් ඉවතට

    ඔක්තෝබර් 17, 2017

    දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයතව දුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතටගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක් තද සුළං ද අපේක්ෂා කළ හැක.

    දිවයිනේ,උතුරු සහ උතුරු මැද පළාත් වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන අතර සමහර ස්ථානවලට තරමක් තද වැසි (75-100 ම්ම් පමණ) ඇතිවිය හැක.

    බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya