අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ගැටළු නිරාකරණයේ අභියෝගය යථාර්තයක් කිරීමට එක්ව අභියෝගය ජයගත යුතුයි

    ඔක්තෝබර් 12, 2017

    ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඉඩම් ගැටලූ නිරාකරණය කර සින්නක්කර ඔප්පු ලබා දීමේ දැවැන්ත අභියෝගය යථාතත්වයක් බවට පත් කිරීමේ කාර්යය හමුවේ,ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන එක් දම්වැලක පුරුකක් සේ මේ දැවැන්ත අභියෝගය ජයගත යුතුව තිබෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පසුගිය දා ජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

    ලංකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු අතර වැඩිමලා සේ සැළකෙන මිනින්දෝරු දෙපාර්තමේන්තුව දැක බලාගන්න මට අද අවස්ථාවක් ලැබීම ගැන සතුටු වෙනවා. ඉඩම් ඇමතිවෙලා මාස කිහිපයක් ගතවෙලා හරි ඉතාමත්ම පැරණි මෙම ගොඩනැගිල්ල ඇතුළට ඇවිල්ලා තමුන්නාන්සේලාගේ කාර්යභාරය ඉටුවන හැටි දැක ගන්න ලැබීම ගැන සතුටුයි.

    ඉතාමත් ක‍්‍රමානුකූලව ඉඩකඩ අනුව රටේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඒ වගේම අපේ රටේ සංවර්ධන කි‍්‍රයාදාමය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් සිදු කරන තැනක් හැටියට රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව දැක්කම මට සතුටක් ඇති වුණා.

    අපේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන සින්නක්කර ඔප්පු ලබා දීමේ කඩිනම් ජාතික වැඩසටහන වෙනුවෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉෂ්ට වෙන සේවාව සේවාවකටත් වඩා බොහෝ පිං සිද්ධවෙන වැඩසටහනක් බව කිව යුතුයි. කවදා හරි තමුන්නාන්සේලා විශ‍්‍රාම ගිය දවසක අපි අපේ රට වෙනුවෙන් අපේ ජනතාව වෙනුවෙන් මෙවන් සේවාවකට දායකවීම ගැන සිතා සතුටු විය හැකියි.

    මෙම නීරීක්ෂණ චාරිකාව අතරතුරේදී ඉඩම් සිතියම් කිරීම, චන්දි‍්‍රකා තාක්ෂණ ඔස්සේ ඉඩම් මැනීම ආදී විවිධප ක්ෂේත‍්‍රයන් ආදී විශේෂ කි‍්‍රයාදාමයන් ඇමතිවරායට දැක ගැනීමට හැකිවිය.

    ශී‍්‍ර ලංකාවේ ඇති සියලුම ග‍්‍රාමසේවා වසම් සම්බන්ධ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් අන්තර් ජාලයට මුදා හැරීම ඇමතිවරයා අතින් සිදු කෙරුණි.

    මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍යාංශ ලේකම් අයි.එච්.කේ මහානාම මහතා, සහ මිනුම්පති පී.එම්.පී උදයකාන්ත මහතා ඇතුළු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya