අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උප රාජ්‍ය ලේකම් සහ මුදල් හා ජනමාධ්‍ය ඇමැති අතර හමුවක්

    ඔක්තෝබර් 12, 2017

    එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා හා මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් පසුගියදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

    2017 ලෝක බැංකුව/ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම අතරතුර මෙම හමුව සිදුවිය.

    ඒහිදී අදහස් දක්වමින් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහිත, සියලු පුරවැසියන්ගේ මානව හිමිකම් සුරකින, සමාජයේ පවතින බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂිකත්වය අගය කරන දේශයක් බවයි.

    එමෙන්ම උප රාජ්‍ය ලේකම් ෂැනන් මහතා අමාත්‍යවරයා හමුවේ පවසා සිටියේ ඇමරිකා එක්සත් ජනපදය තවදුරටත් ද්වීපාර්ශ්වික සබඳතා තහවුරු කරමින් සහයෝගය ලබා දෙන බවයි.

    තවද අමාත්‍ය සමරවීර මහතා විදේශ අමාත්‍ය ධුරයේ සිටියදී වසර 2016 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා-එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාද වටයේ දෙවැනි සැසියට එළැඹන නොවැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණෙන බවද ෂැනන් මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya