එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “වර්තමානයේ සිදුවන හදිසි අනතුරු වලින් 43%ක් සිදුවන්නේ නිවසේදීයි. තවත් 26% ක් මහා මාර්ගයේ සිදුවන අතර, අධ්‍යාපන ආයතන වලදී 2% ක් පමණ හදිසි අනතුරු සිදුවනවා. දළ වශයෙන් හදිසි අනතුරු වලින් වසරකට ශ්‍රී ලාංකිකයින් 10,000 ක් පමණ ජීවිතක්ෂයට පත් වෙනවා. ආබාධිතයින් වෙනවා. හදිසි අනතුරු වලදී පළමු පැය ස්වර්ණමය හෝරාව ලෙස අපි හදුන්වනවා. එයිනුත් පළමු විනාඩි 10 ඉතා වැදගත්. මෙම කාලය තුල නිසි ප්‍රථමාධාර ලබාදුනහොත් ජීවිත හානිය 50% කින් පමණ වලක්වා ගන්න පුළුවන්.”
“හදිසි අනතුරු සේවය පළමුව ආරම්භ වූයේ ජර්මනියෙන්. ස්ටයිගර් පදනම තමයි මෙම වැඩපිළිවෙල ආරම්භ කලේ. අපේ රටේ ජනතාව වගේ නොවෙයි ශාරීරික ව්‍යායාම් සඳහා යුරෝපාකරයේ රටවල් රැසක ජනතාව ගමන් බිමන් යන්නේ පා පැදියෙන්. ඉන්දීය රජය විසින් 1990 හදිසි ගිලන්රථ සේවය ලංකාවට හඳුන්වා දුන්නා. බස්නාහිර හා දකුණු පළාත්වල මෙම ගිලන් රථ සේවය ක්‍රියාත්මක වෙනවා. අපේ ගම්වල සිදුවන අනතුරු වලදී රෝගීන් රෝහල් කරා රැගෙන යන්නේ ත්‍රීරෝද රථයෙන්. නමුත් වර්තමානයේ 1990 ගිලන්රථ සේවයේ රෝගීන් ගෙන යනවා. මෙම ගිලන්රථ සේවයට ද විරෝධතා මතුවුණා.
වෛද්‍ය සංගම් නායකයින් ප්‍රකාශ කළා ගල් ප්‍රහාර එල්ල කරන්න කියලා. නමුත් ජනතාව මෙම ගිලන්රථ සේවයේ ප්‍රයෝජනය ලබනවා. ලබන වසරේ සිට මෙම ගිලන්රථ සේවය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සහයෝගය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා. දැනට ඇත්තේ ගිලන්රථ 88 ක්. තව ගිලන්රථ 250 ක් ලබා දෙනවා. තවද ජර්මනියේ ස්ටයිගර් පදනම හදිසි අනතුරු සේවාව ද මම නිරීක්ෂණය කලා. ගොඩබිමින් සහ ගුවනින් හදිසි අනතුරු සේවය ක්‍රියාත්මක කරනවා. එම පදනම විසින් හෙලිකොප්ටර් 24 ක්, ගිලන්රථ 1025 ක් සහ ආපදා රථ 24 ක් ලබා දීමට පොරොන්දු වුණා. නමුත් අපි මූලිකව ලබා ගත්තේ ආපදා රථ සහ හෙලිකොප්ටර් පමණයි. ලංකාවේ දැනට තිබෙන වාහන තදබදය නිසා ඇතැම් අවස්ථාවල දී ගිලන්රථ වලටත් මාර්ගයේ යන්න බෑ. එම නිසා අපේ රටේ හදිසි අනතුරු සේවය ගුවනින් හා ගොඩබිමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. තවද දිවයින පුරා මහා රෝහල්, ශික්ෂණ රෝහල් 24 ක හදිසි අනතුරු ඒකක ස්ථාපිත කරනවා. ඒ සමගම රුධිර පාරවිලයන සේවාව ද ව්‍යාප්ත කරමින් මධ්‍යස්ථාන 48ක් ඉදිකර තිබෙනවා.”
මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ