මීට සමගාමීව Sri Lasnka NEXT වැඩසටහනන ද පැවැත්වේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර මධ්‍යම පරිසර අධිකාරිය මඟින් මෙය සංවිධානය කරනු ලැබේ.
2011 වසරේ සිට මේ දක්වා මෙම සම්මාන උළෙල ඉදිරියට යමින් එම වැඩසටහන පසුගිය වසරේ සිට පුළුල් කරමින් මෙම සම්මාන උළෙල පැවැත්වෙන බවත් මෙම වසරේ ජනවාරී මාසයේ මේ සඳහා අයදුම්පත් කැඳවූ බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි මහතා පැවසීය.
විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඇතුළත් වන පරිදි මෙම සම්මාන පිරිනැමීම සිදු වන අතර තෝරාගත් කාණ්ඩ කිහිපයක් සඳහා සම්මාන පිරිනැමීම සිදු වේ. ජනාධිපති පරිසර සම්මාන 11ක්, ජාතික හරිත සම්මාන ලෙස කුසලතා සම්මාන 18ක්, ලෝකඩ සම්මාන 14ක් රිදී සම්මාන 08ක් සහ රන් සම්මාන 06ක් පිරිනැමීමට අපේක්ෂිත බව ද ඒ මහතා ධර්මසිරි මහතා පෙන්වා දුන්නේය.
සමාජ, සංස්කෘතික හා ආයතන අංශය සහ කර්මාන්ත සහ ව්‍යාපාර අංශය යටතේ ඇති ක්ෂේත්‍ර රැසකින් මෙම සම්මාන උළෙලට අයදුම්පත් කැඳවා තිබේ.