මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාධණීය වැඩපිළිවෙලක් රටට දායාද කිරීමට කටයුතු කළා

    සැප්තැම්බර් 21, 2017

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්  සාධණීය වැඩපිළිවෙලක් රටට දායාද කිරීමට කටයුතු කළ බවත් රටේ ස්ථාවරභාවය, ඒකීයභාවය වෙනුවෙන් ජනතා ඡන්දයෙන් තොරාගන්නා යම් බලතල ප්‍රමාණයක් සහිත ජනාධිපතිවරයකු සිටිය යුතු බවට යෝජනා කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මේ බව ප්‍රකාශ කළේ,නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය සමඟ එකතු වුණේ ජනතාව වෙනුවෙන් කාරණා කීපයක් ඉටු කිරීම වෙනුවෙන්.අපි ප්‍රගතිශීලී පියවරක් ගත්තා.කොට්ඨාශයට නියෝජිතයෙක් පත් කෙරෙන මනාප ක්‍රමය අහෝසි කරන මැතිවරණ ක්‍රමයක් ඇති කළ යුතුයි ප්‍රකාශ කළා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ අංශ සමඟ දීර්ග ලෙස සාකච්ඡා කළා.මෙය අවසාන නිගමනය නොවේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට එකතු වෙලා රටට සාධණීය වැඩපිළිවෙලක් දායාද කිරීමට කටයුතු කළා. පළාත් සභවටත් නව ඡන්ද ක්‍රමයක් ඇතුළත් කිරීමට හැකි වීම ඊයේ ලැබූ විශාල ජයග්‍රහනයක්.අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා සේ කොට්ඨාශයට වගකියන මන්ත්‍රීවරයෙකු පත් කෙරෙන මැතිවරණ ක්‍රමටක් යෝජන කළා.එයට එකඟතාවයක් තිබෙනවා.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තුන්කල්දුටු ප්‍රගතිශීලී යෝජනා ඉදිරිපත් කළා.බලය බෙදීම කියන කාරණයේ දී ආණ්ඩුකාරවරයගේ බලතල සම්බන්ධයෙන් සකච්ඡ කෙරුණා.රටේ ඒකීයභාවය ආරක්ෂා කෙරෙන,නීතිය සාමය ආරක්ෂා කිරීමේ දී සිය බලතල  ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් භාවිතා කළ යුතු බවට යෝජනාවක් ගෙනාවා.මෙහිදී සෙනට් සභාවක් පත් කිරීම පිළිබඳව යෝජනාවක් කළා. බලය බෙදීමේ දී ප්‍රගතිශීලී පියවර රැසක් යෝජනා කර තිබෙනව.අග්‍රාමත්‍යවරය පත් කිරීමේ දී මහජන ඡන්දයෙන් පත් වූ පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්තෙන් පත් කිරීම පිළිබඳව අපේ එකඟතාවය තිබෙනවා.

    විධායක ජනාධිපතික්‍රමය පිළිබඳව අපේ යෝජන ඉදිරිපත් කළා.බලය බෙදීමේ ක්‍රියාවලියේ දී විධයක බලය වැදගත්.ඒ නිසා රටට යම් බලයක් සහිත විධායක ජනාධිපතිවරයෙක් සිටිය යුතුයි. රටේ ස්ථවරත්වය, රටේ ඒකීයභාවය සඳහා මහනජ ඡන්දයෙන් පත් වන යම් යම් බලතල සහිත ජනාධිපතිවරයකු අවශ්‍යයි. ජාතික සංහිදියව, ජාතික සමඟිය යන කාරණා ඉටු කිරීමේ දී  ජනාධිපතිවරය රටේ මහජන ඡන්දයෙන් පත්වන්නෙකු විය යුතුයි.

    කාන්තා නියෝජනය සියයට 25%ක්වත් පාර්ලිමේන්තුවට ලබාදිය යුතුයි කියන යෝජනාවේ අප සිටිනව.එමෙන් ම අමාත්‍ය මණ්ඩලය  තිහකට සීමා විය යුතු බව හා නියෝජ්‍ය අමාත්‍යධූර තිහකට සීමා විය යුතු බව ප්‍රකාශ වුණා. විශේෂයෙන් අමාත්‍යාංශ විෂයන් නිශ්චිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බවට යෝජනාවක් කළා.

    එමෙන් ම ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යුතු බවට යෝජනා කළා. මෙවැනි ප්‍රගතිශීලී අඳහස් රැසක් ඉදිරිපත් කිරීමට හැකි වූ බව ඉදිරියේ දී මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා වන බවද අමාත්‍යවරයා පැවසී ය.

    මෙම මාධ්‍ය හමුවට අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, එස්.බී.දිසානායක සහ දයාසිරි ජයසේකර යන මහත්වරු එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya