අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැදුරු ඔය පාලමේ අලුත්වැඩියාවට පාර වැසේ

    සැප්තැම්බර් 21, 2017

    කටුගස්තොට - කුරුණෑගල - පුත්තලම (A 010) මාර්ගයේ පිහිටි අංක 75/1 දැදුරු ඔය පාලමේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ලබන 25 වන දින පෙරවරු 6.00 සිට 2017.11.30 වන දින පස්වරු 6.00 දක්වා දැදුරු ඔය පාළම ගමනාගමන කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම වසා තබනු ලැබේ.

    ඉහත සඳහන් කාලය තුළ යතුරුපැදි ත‍්‍රීරෝද රථ ඇතුළු සියලු සැහැල්ලූ වාහන සඳහා පාදෙනිය - අනුරාධපුර මාර්ගයේ බලල්ල හරහා නිකවැරටිය ඇලවක හන්දිය (ඩිපෝ හන්දිය) මාර්ගය භාවිත කළ හැකිය.

    එසේම  බර වාහන සඳහා පාදෙනිය - අනුරාධපුර මාර්ගයේ දළඳාගම හරහා නිකවැරටිය මාර්ගය ද  භාවිතා  කරන ලෙස කුරුණෑගල මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් භාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් දන්වා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya