අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20 වැනි සංශෝධන පනත් කෙටුම්පත මධ්‍යම පළාතේ සම්මතයි

    සැප්තැම්බර් 21, 2017

    පළාත් සභා මැතිවරණය එකම දිනකදි පැවැත්විම වෙනුවෙන් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (20) මධ්‍යම පළාත් සභාවේදී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ඒ අනුව පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් 40 දෙනෙක් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, විරුද්ධව ලැබුනේ ඡන්ද 09 ක් පමණි. සභාපතිවරයාද ඇතුළුව මධ්‍යම පළාත් සභාවේ සමස්ත මන්ත්‍රී සංඛ්‍යාව 58 කි. එයින් හය දෙනෙක් ඊයේ සභාවට නොපැමිණි අතර, මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.

     

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමේදී එහි ඇති යෝජනා පිළිබද විමසා බැලීම සදහා එය පළාත් සභාවේ ප්‍රඥප්ති සහ රීති කාරක සභාවට යොමු කිරීම සුදුසු බව මීට පෙර සභා වාරයේදී පළාත් සභාවේ සියළුම මන්ත්‍රීවරු ඒකමතිකව තීරණය කරන ලදි. ඒ අනුව ප්‍රඥප්ති සහ රීති කාරක සභාවේ සභාපති පළාත් සභා මන්ත්‍රී ඩබ්.එම් ඩබ්.එම් යසමාන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කාරක සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක්ද එක් කොට තිබුනි. ඊයේ දින සම්මත වූයේ එම ප්‍රඥප්ති සහ රීති කාරක සභාව විසින් සංශෝධනයන්ට යටත්ව ඉදිරිපත් වූ පනත් කෙටුම්පතයි.

     

    මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි. නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මධ්‍යම පළාත් සභාව රැස්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya