නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීම වැදගත්

    සැප්තැම්බර් 19, 2017
    පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීම  මෙන් ම ප්‍රතිකාර ලබාගැනීම හරහා සුවකරගත හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය  විශේෂඥ, වෛද්‍ය නයනා ද අල්විස් මහත්මිය පැවසුවාය.
     
    වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අද (19) කොළඹ පැවැති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
     
    ලෝකය පුරා කාන්තාවන් අතර පවතින පිළිකා තත්ත්වයන් අතරින් පළමු ස්ථානය හිමිවන්නේ පියයුරු පිළිකාවන්ට බවත් ලෝකයේ දියුණුරටවලින් එම වාර්තාවීම් වැඩිපුර මෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල වාර්ථාවීම් අවමව දත්ත මගින් පෙන්නුම් කරන්නේ දියුණුරටවල ප්‍රතිකර සඳහා යොමු වන ප්‍රමාණයේ වැඩිවීම නිසා යැයි ද කීය.
     
    දියුණුරටවල රෝගීන්ගේ ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගත්තද මරණ සංඛ්‍යාව අව ප්‍රමාණයක් වාර්තාවීම ප්‍රතිකාර සඳහා යොමුවීම ඉහළ අගයක් ගන්නා බව තහවුරු කරන බවත් ලංකාව තුළ බොහෝ විට කාන්තාවන් පියයුරු පිළිකා වැළඳීම දිනෙන් දින ඉහළ යන අතර ම මෙම තත්ත්වය රටවල් රැසක පොදු තත්ත්වයක් බවත් වෛද්‍යවරිය පෙන්වා දෙයි.
     
    පිළිකා රෝගියෙකු තම රෝගී ජීවිතයේ දී අවදි 04ක් ගත කරන බවත් ලංකාව තුළ බොහෝ පිළිකා රෝගීන් අවසන් අදියර දෙක තුළදී ප්‍රතිකාර සඳහා යොමුවීම හේතුවෙන් සුවකරගැනීමේ හැකියාවක් නොවන බවත් වෛද්‍යවරිය පැවසුවාය.
     
    පියයුරු පිළිකා ඇතිවීම පිරිමි පුද්ගලයින්ගෙන් 100කට 1ක් පමණ වාර්තාවන බවත් පියයුරු පිළිකා ඇතිවීම බහුවිධ හේතුන් ගණනාවකගේ එකතුවක් බවත් ලංකාව පුරා 890කට අධික සුවනාරි සායන හරහා පිළිකා හඳුනාගැනීමේ මූලික පරීක්ෂණ සිදුකරන බවත් ඒ සඳහා යොමුවීම හරහා සුවකළ හැකි පිළිකාවන්ගෙන් ආරක්ෂා විය හැකි බවත් වෛද්‍යවරිය වැඩදුරටත් ප්‍රකාශ කළාය.
     
    පසුගිය දශකයක කාලය තුළ පිළිකා රෝගීන්ගේ වාර්තාවීම වැඩි වී ඇතැයි ද දැනුම්වත්වීම හරහා ප්‍රතිකර සඳහා යොමුවීම හරහා මෙය සිදු ව ඇතැයි ද ඉදිරියේ දී පිළිකා රෝගීන් අවම කිරීම, රෝගීන් මූලින් හඳුනාගැනීම මෙන් අවසන් අදියරේ පසුවන්නන්ට යහපත් මරණයක් ලඟාකර දීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
     
    වර්ෂිකව සිදුවන 1,30,000ක් පමණවන මරණයන්ගෙන් 12,000ක් 13,000ක් අතර ප්‍රමාණයකට පිළිකා රෝගය හේතුවන බවත් වාර්ෂිකව 2500ක් පමණ පියයුරු පිළිකා රෝගීන් වාර්තාවන බවත් විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පැවසීය.
     
    මේ වන විට 10,000ක් තරම් ප්‍රමාණයක් ලංකාව තුළ පියයුරු පිළිකා රෝගයෙන් සුවපත් ව සමාජගත වී ඇතැයි ද කාන්තාවන් අතර 3වැනියට වැඩිම පිළිකා වර්ගය ගැබ් ගෙල පිළිකා වශයෙන් හඳුනාගෙන ඇති අතර ම එයට පිළියම් වශයෙන් පාසල්වල ගැහැණු  දරුවන් සඳහා HPV එන්නත ලබාදීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කොට ඇතැයි ද පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya