නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ප්‍රතිබැහැදැක්ම" අභිමානවත්ව සිනමාවේදීන් අගයයි - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගත් යෝධ පියවරක්!

    සැප්තැම්බර් 18, 2017

    රජයේ චිත්‍රපට අංශය පෝෂණය කිරීමට එදාමෙදා තුර අනුපමේය මෙහෙවරක් ඉටුකළ හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුගතපාල සෙනරත් යාපා, තිස්ස ලියනසූරිය, කීර්ති ශ්‍රී පෙරේරා යන මුල්කාලීන සම්මානනීය වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඇගයීමේ උපහාර උළෙල අද (18) ප.ව. 6.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

     
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතාගේ ආරාධනයෙන් සහභාගී වූ  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ හා මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පවැත්විණි.

    එහිදී සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතාගේ සහභාගීත්වයෙන් සිනමා විශිෂ්ඨයන්ට සම්මාන ප්‍රදානය සිදු කරන ලදී.

    එමෙන්ම උපහාර උළෙලට සමගාමී ව රජයේ චිත්‍රපට අංශය මගින් නිෂ්පාදනය කරන ලද සම්මානනීය වාර්තා චිත්‍රපට ඇතුළු වාර්තා චිත්‍රපට ඩිජිටල්කරණය කර, සංරක්ෂණය කිරීම සඳහා ජාතික ලේඛණාරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීම සඳහා ජාතික ලේඛණාරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නදිරා රූපසිංහ මහත්මිය වෙත නිල වශයෙන් ලබාදීම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා විසින් සිදු කළේ ය.

    මෙහිදී රජයේ චිත්‍රපට අංශයේ පැවැති ඓතිහාසික වටිනාකමකින් යුතු වාර්තා හා කෙටි චිත්‍රපට සියයක් අන්තර්ජාලයට මුදා හැරීම සහ ඡායාරූප දහසක් අන්තර්ජාලයට එක්කිරීම මෙහිදී සිදු කළේ ය.

    මේ අවස්ථාවට එක් වූ  සෞඛ්‍ය,පෝෂණ හා  දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා; මෙම චිත්‍රපට මා කුඩා කාලයේ දී නැරඹුවා.මොන තරම් සුන්දර කාලයක් ද. මෙවැනි සිනමා උළෙලක් සංවිධානය කිරීම පිළිබඳව  ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමාට ස්තූතිවන්ත වෙනවා.මෙවැනි නිර්මාණ අනාගත පරපුරට සංරක්ෂණය කර තැබීම වැදගත් පියවරක්.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා; අද අප සුවිශේෂී කාරණා තුනක් ඉටු කරනවා. 1947 සිට සංරක්ෂණය කර තිබුණු වාර්තා චිත්‍රපට,සිනමා කෘති ජාතික සංරක්ෂණයකට ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. එමෙන් ම රජයේ චිත්‍රපට අංශය නිර්මාණය කළ සිනමා කෘති 100ක් අන්තර්ජාලයට මුදා හැරීම සිදු කරනවා. මේවා අයිති ජනතාවටයි. ජනතාවට තොරතුරු දෙන යුගයක මෙම නිර්මාණ ජනතාවට මුදා හැරිය යුතුයි. මෙය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තැබූ යෝධ පියවරක්.

    මෙම අවස්ථාවට කලාකරුවන්, ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

     

    apr

     

    apra

     

    a pr1

     

    apr2

     

    apr3

     

    apra4

     

    apra5

     

     

     ඡයාරූප- ලක්සිරි අල්විස්

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya