නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මරණවලින් දෙගුණයක් කාන්තාවන්- ඩෙංගු පරිශ්‍ර පරික්ෂාවට නිලධාරී කණ්ඩායම් 3000ක් - වෛද්‍ය හසිත තිසේරා

    සැප්තැම්බර් 18, 2017

    වසර 2017 දී ඩෙංගු රෝගය හේතුවෙන් රෝගීන් 1,51,975ක් වාර්තා වූ බවත් ඉන් මරණ 390ක් සිදුව තිබෙන බවත් මෙම මරණවලින් දෙගුණයකට වඩා එනම් සියයට 68%ක් කාන්තාවන්ගේ මරණ බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක,විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා අනාවරණය කරයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හසිත තිසේරා මහතා මේ බව පැවසීය. සැප්තැම්බර් 20 දින සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත ඩෙංගු මදුරු මර්දන සතිය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

     

    මෙය සැළකිය යුතු තත්ත්වයක් බවද පවසන හසිත තිසේරා මහතා,මෙය වීමට හේතුව නිසි ලෙස පැවැසිය නොහැකි බව ද කීය. කෙසේ වෙතත් මෙවැනි ස්ත්‍රී මරණ පවුලට හා දරුවන්ට බලපාන බැවින් ඒ පිළිබඳව සමාජය සැළකිලිමත් වීම අත්‍යාවශ්‍ය බවද පෙන්වා දුන්නේ ය.


    2017 වසරේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුවත් ඊට සාපේක්ෂව මරණ අනුපාතය අවම කරගන්න හැකි වුණා.මෙහිදී මදුරුවන් බෝ වන ස්ථාන හඳුනාගැනීම ඉතාමත් වැදගත්. බස්නාහිර පළාත් තුළ සියයට 50%ක රෝගීන් වාර්තා වුණා.නාගරික ප්‍රදේශවල රෝගීන් වැඩියෙන් වාර්තා වන ප්‍රවණතාවක් තිබෙනවා. නාගරික පරිශ්‍ර පිරිසිදු කරගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. මෙහිදී වැදගත් දෙයක් ලෙස පාසල් ළමුන් සියයට 30%කට ඩෙංගු වැළඳී තිබුණා.එහෙත් මරණ සියයට 15%ක් පම්ණක් වාර්තා වුණා.

    විශේෂයෙන් කාන්තාවන් හා පිරිමින් අතර ඩෙංගු වැළදීමේ සමානත්වයක් පවතිනවා. එය සියයට 55%ත් 45%ත් ලෙසයි. එහෙත් කාන්තා මරණ ඉහළයි.

    මේ නිසා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මකයි.නිලධාරී කණ්ඩායම් 3000ක් පරික්ෂාවට එක්වෙනවා. සියලු නිලධාරීන් සංඛ්‍යාව 9000ක් එක්වෙනවා. ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ සහාය ලැබෙනවා. පසුගිය වර පරිශ්‍ර ලක්ෂ 20ක් පරික්ෂ කිරීමට හැකි වුණා. ඉන් සියයට 20%ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගැනීමට හැකි වුණා. මෙවර ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශ 188ක වැඩසටහන ක්‍රියාත්මක වෙනවා යැයි ද වෛද්‍ය හසිත තිසේරා මහතා පැවසී ය.

     

    ඡයාරූපය- යමුනී රශ්මිකා පෙරේරා- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya