නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිලධාරීන් දේශපාලන තීන්දු ක්‍රියාත්මක කිරීමේ දී සැලකිලිමත් විය යුතුයි

    සැප්තැම්බර් 14, 2017
    පරිණත රාජ්‍ය නිලධාරීන් දේශපාලන තීන්දු ක්‍රියාත්මක කිරීමේ දී සැලකිලිමත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
     
    නලීන් බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    බෞද්ධ ජනතාව අතර සිල් රෙදි බෙදාදීම හරහා මහජන මුදල් අවභාවිතය මෙන් ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට එරෙහිව පැවැති නඩුවේදී නීතිය ක්‍රියාත්මක කොට ඇති බවත් මෙම නඩුවට අදාළ දඩ මුදල් සොයාගැනීම සඳහා ස්වාමීන් වහන්සේලා පිරිසක් පිඬුසිඟා වැටීමට කටයුතු කරමින් පවතින බවට ප්‍රවෘත්ති පළවන බවත් එම ක්‍රියාවන් බුදු දහමට විරුද්ධ බැවින් මේ සම්බන්ධයෙන් යමක් කිරීමේ වගකීම මහානායක හිමිවරුන් සතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    සිල් රෙදි බෙදාහැරීම වැනි කටයුතු හරහා සම්බුද්ධ ශාසනය දියුණු කිරීමට කටයුතු කිරීම වරදක් නොවන නමුත් ධර්ම ශාලාවක් හෝ නොමැති විහාරස්ථාන විශාල ප්‍රමාණයක් ලංකාව පුරා පවතින බවත් එම විහාරස්ථානයන් ද දියුණු කළ යුතු ව තිබුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    නිර්මල බුදු දහම රැකගැනීම සඳහා පෙරට පැමිණෙන ලෙස තමන් බෞද්ධ සංවිධාන වෙතින් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ලාල් බණ්ඩාර මහතා පැවසීය.
     
    සිල් රෙදි බෙදාදීමේ නඩුවට අදාළ ව මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් පැහැදිලි වන්නේ අධිකරණ තීන්දුව නොපිළිගන්නා බවත් බන්දු ලාල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya