සමුළුව අමතමින් මංගල සමරවීර මහතා පවසා සිටියේ මෙම රජය ‘සැලසුම් කරන ලද අයවැයක්' (Designer Budget) නිර්මාණය කිරීමේ නිරතව සිටින බව හා ඒ තුළින් ලිහිල්කරණය වූ ආර්ථික ප‍්‍රතිසංස්කරණ, ව්‍යවසායකත්ව ප‍්‍රවර්ධනය හා ප‍්‍රමුඛ ව්‍යාපාර ක්ෂේත‍්‍ර පුළුල්කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සංහිඳියාව සහ සංවර්ධනය යන කුළුණු ද්විත්වය මත සමබර රටක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවය.
සමුළුවට සහභාගී වී සිටි අනාගත ව්‍යාපාර නායකයින් අමතා ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ශ‍්‍රී ලංකාවේ කීර්තිනාමය මත ගොඩනැගීමේ වැදගත්කමයි. ඒ සඳහා ශ‍්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ මාර්ග හඳුනාගනිමින් ශ‍්‍රී ලංකාව ආයෝජන පාරාදීසයක් බවට පත් කළ යුතු අතරම අපනයන වර්ධනය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍ය හා නිවාස ආදී සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම කළයුතු බවද එතුමා තවදුරටත් පැවසීය.