නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර වන ගහණය හෙක්ටයාර 5000 දක්වා ඉහළට

    සැප්තැම්බර් 14, 2017

    පසුගිය කාල වකවානුව තුළදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩි වී ඇති වනාන්තර ප්‍රතිශතය හෙක්ටයාර 5,000ක් පමණ වන බව අනුරාධපුර දිස්ත්‍රික් වන නිලධාරී ලලිත් ගමගේ මහතා පවසයි.

    ඒ මහතා පවසන පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වසර තුනක කාලයක් තුළ වනාන්තර 1%ක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අනුව දිස්ත්‍රික්යේ සමස්ත වන ගහනය දැනට පවතින භූමි ප්‍රමාණයෙන් 40%ක් පමණ වන බව අනාවරණය කරගෙන ඇත.  

    පසුගිය කාලයේ විවිධ හේතුන් පෙන්වමින් සීඝ්‍ර ලෙස කැලෑ එළි කිරීම , සැලසුම්වලින් තොරව සිදු වූ සංවර්ධන කටයුතු  සහ  කැලෑ ගිනි තැබ්ම් ආදී මිනිස් ක්‍රියාකාරකම් නිසා  වනාන්තර විනාශය බහුල වශයෙන් සිදු වු බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන්ව ඇත. මෙලෙස සීඝ්‍ර ලෙස  සිදු වන වනාන්තර විනාශය පිළිබඳව අවධානය යොමු කළ වන සංරක්ෂණ බලධාරීන් එය මග හැරවීම සඳහා විවිධ වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    එහිදී  සාම්ප්‍රදායික හේන් වගාව සඳහා ගොවි ජනතාව විසින් සිදු කරනු ලැබූ වනාන්තර හෙළි කිරීම ද නීතිමය ලෙස තහනම් කර එලෙස විනාශ වී ගිය ස්වභාවික වනාන්තර යළි යථාතත්ත්වයට පත්වීමට ඉඩ හැර ඇති බවද සඳහන් වේ. එසේම අනවසරයෙන් හේන් වගා කළ ගොවීන් රැසක් ස්වෙච්ඡාවෙන්ම එම ඉඩම්වලින් ඉවත් වී සිටිති.

    ශ්‍රී ලංකාවේ වන ගහණය වර්ධනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට දී ඇති උපදෙස් අනුව 2020 වන විට 32%  දක්වා වන ගහණය ඉහළ නැංවීම අපේක්ෂා කර ගනිමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍යය සියලු පියවර ගන්නා බව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


    අනුරාධපුරය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya