ජාතික අනතුරු නිවාරණ සතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් සහකාර පොලිස් අධිකාරිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණය අද (14) කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පැවැත්විණි.
රට තුළ වාහන ලක්ෂ 70ක් පමණ පවතින බවත් මාර්ග අනතුරු ලෙස බහුලව වාර්තා වන්නේ රිය අනතුරු බවත් පවසන සහකාර පොලිස් අධිකාරීවරයා, වසරකට රිය අනතුරු හේතුවෙන් මරණ 2500- 3000 අතර ප්‍රමාණයක් වාර්තා වන බව කීය.
මාර්ග අනතුරුවලින් බහුලව සිදුවන්නේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ අනතුරු බවත් එය අනතුරුවලින් සියයට 90%ක් බවත් සහකාර පොලිස් අධිකාරිවරයා පැවසී ය. නොසැළිකිල්ල, අපරික්ෂාකරීබව, අනවධානය, නොදැනුවත්කම රිය අනතුරු හා මාර්ග අනතුරු සම්බන්ධයෙන් බලපාන බවත් ධනංජය මහතා සඳහන් කළේ ය. මෙහිදී ඇතැම් මාර්ගවල මාර්ග සංඥා වල අවිධිමත් බව පදිකයන් මුහුණපාන දුෂ්කරතා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ ය.
එහිදී පිළිතුරුදුන් සහකාර පිලිස් අධිකාරිවරය ප්‍රකාශ කළේ, මාර්ග සංඥා, සුදු ඉරි,පදික මාරු සම්බන්ධයෙන් ගැටළු තිබේ නම් රථවාහන මූලස්ථානයේ දුරකතන අංක 2431718 ට දැනුම් දෙන ලෙසය.ශ්‍රී ලංකා රථවාහන පොලීසිය සෑම විටම මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන බවද සඳහන් කළ සහකාර පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ, මාර්ගයේ ගමන් ගන්නා පදික ජනතාවට ද මාරග් අනතුරු වළක්වාගැනීමට වගකීමක් පවතින බවය.
මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා ද එක්විය.