නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුම් කමිටු රැස්වීමක් කැන්බරා නුවරදී

    සැප්තැම්බර් 10, 2017
    ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පැවති ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුම් කමිටු රැස්වීමකට සහභාගි විය. පසුගියදා කැන්බරා නුවර රීල්ම් හෝටලයේ පැවති (Hotel Realm in Canberra) මෙම අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වය යටතේ නියෝජිත පිරිසක් සහභාගි වූහ.
     
    මේ සඳහා ප්‍රතිපත්ති සැලසුම් කමිටුවේ සම නියෝජ්‍ය ලේකම් ලින්ඩා ජීඩීස් මහත්මිය (Co-Chair - Deputy Secretary of Policy Group Ms. Linda Geddes) ඕස්ට්‍රේලියානු දේශසීමා කටයුතු පිළිබඳව මෙහෙයුම් අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් ස්ටීවන් ඔස්බෝන් මහතා (Commander of Operations Sovereign Borders, Air Vice-Marshal Stephen Osborne) ඕස්ට්‍රේලියානු සත්කාරක දූත පිරිසේ ප්‍රධානත්වය දරණු ලැබීය.
     
    මෙම එකාබද්ධ ක්‍රියාකාරී කමිටු හමුවේදී විශේෂයෙන් නීතිවිරෝධී පුද්ගල ජාවාරම් පිළිබඳව එනම් ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී ඇතිවන ගැටළු, ඒ පිළිබඳව වන නාවික මෙහෙයුම් සහයෝගිතාව මෙන්ම නීතිවිරෝධී පුද්ගල ජාවාරමට එරෙහිව සටන් කිරීම, එහිදී ඇතිවන විවිධාකාර ගැටළු පිළිබඳව කරුණු සාකච්ඡාවට බඳුන් විය. එමෙන්ම මෙම කටයුතු පිළිබඳව වඩාත් සමීප සහයෝගීතාවයක් ඇති කරමින් “නීති විරෝධී මිනිස් ජාවාරම, අන්තර් ජාතික අපරාධවලට එරෙහිව කටයුතු කිරීම සහ සඳහා වන මෙහෙයුම් සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම” සඳහා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් එළැඹි අතර (Memorandum of Understanding (MoU) on People Smuggling and Transnational Crime to reinforce cooperation on counter - people smuggling operations) ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ දේශසීමා ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් මිචෙල් පාසුලෝ (Secretary of Australian Department of Immigration and Border Protection Mr.Michael Pezzullo) මහතා අත්සන් තබන ලදී.
     
    නීති විරෝධි මිනිස් ජාවාරම් කටයුතු සඳහා සහභාග වන ශ්‍රී ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාවට පිටිවහල් කිරීම, එසේම පුද්ගල ජාවාරම්කරුවන් සොයා ගැනීම, අල්ලා ගැනීම සහ විමර්ශනය කිරීම සඳහා වන විවිධ ක්‍රමවේද පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව වඩා දියුණු තත්වයකට ගෙනඒම (enhanced information sharing on methods for tracking), ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර නීතිවිරෝධී භාණ්ඩ හුවමාරුව නීතිවිරෝධී මුදල් හුවමාරුව සහ මුදල් විශුද්ධීකරණය, අපරාධ සහ ප්‍රචන්ඩ ක්‍රියා වැලක්වීමට කටයුතු කිරීමට වැනි කරුණු (stopping the movement of illicit goods and targeting acts of money laundering) මෙම අවබෝධතා ගිවිසුමට ඇතුලත් වේ.
     
    ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් එස්. ස්කන්දකුමර්, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් ,ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නිහාල් රණසිංහ, නාවික හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පියල් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමිනි පියුමන්ති, නීති අධ්‍යක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සහකාර උපදේශිකා දිස්නා වර්ණකුල, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රියාන්විත සහ පුහුණු අධ්‍යක්‍ෂක කපිතාන් රවින්ද්‍ර තිසේර, මුල්‍ය වංචා විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පි.කේ.ඩි. ප්‍රියන්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති නිලධාරී සන්ජිකා ගයත්‍රී යන මහත්ම මහත්මීන් ද ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුලත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya