නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස් ප‍්‍රමුඛතා මංතීරු පාසල් ප‍්‍රවාහන සේවා රථ සඳහාත්

    සැප්තැම්බර් 10, 2017
    කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව හඳුන්වා දීමේ වැඩසටහන යටත් බස් ප‍්‍රමුඛතා මංතීරු පාසල් ළමුන් ප‍්‍රවාහනය කරනු ලබන බස්රථ සහ වෑන් රථ සඳහා භාවිත කළ හැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    ආරම්භයේදී මගී ප‍්‍රවාහන බස්රථ සඳහා පමණක් මෙම මංතීරුව වෙන් කරනු ලැබූ අතර මේ වන විට එම මංතීරුව පාසල් ළමුන් ප‍්‍රවාහනය කරනු ලබන පාසල් බස්රථ සහ වෑන් රථ සඳහා ද භාවිත කිරීමට අවසර ලබාදී ඇත. 
     
    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, විශේඥ දැනුම සමග ව්‍යාපෘති උපදේශක ලෙස මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ මහනගර සභාව, ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ජාතික ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිසම, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය යන ආයතන ද ඒකාබද්ධව පසුගියදා කොළඹ නගරය ආශ්‍රිතව ප‍්‍රමුඛතා මංතීරුව ක‍්‍රියාත්මක කෙරිණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya