නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මි.මි.75-100ක තද වැඩි ඇතිවිය හැකියි- වැසි තත්ත්වය තව දුරටත්

    සැප්තැම්බර් 09, 2017

    දිවයිනේ, විශේෂයෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, දකුණු, සබරගමුව ,මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ඉතා තදවැසි (මි.මි.100-150කපමණ) ඇති වියහැක.

    උතුරු පළාතේ උදය කාලයේදී වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි (මි.මි.75-100කපමණ) ඇතිවියහැක.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. සමහර ප්‍රදේශවල, විශේෂයෙන් ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තරමක් තදවැසි (මි.මි.75-100ක පමණ) ඇතිවියහැක.

    දකුණු පළාතේ විටින්විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං බලාපොරොත්තු වියහැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya