නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු කලාපීය සමුළුවේ කමිටු රැස්වීම 11 දා

    සැප්තැම්බර් 08, 2017

    සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු කලාපීය සමුළුව (SACOSAN) නියෝජනය කරමින් ලබන 11 හා 12 දෙදින දසවන අන්තර් රාජ්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීම කොළඹ දී පැවැත්වෙන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (8) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

    2018 වර්ෂයේ පකිස්ථානයේ පැවැත්වීමට නියමිත හත්වන සමුළුව සංවිධානය පිළිබඳ සාකච්ඡා කිරීම හා ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු කලාපීය මධ්‍යස්ථානයේ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමේ අරමුණින් මෙය පැවත්වීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකාව දැනට විශේෂයෙන්ම සනීපාරක්ෂක ඉලක්කයන් කරා යාමේදී දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවලට වඩා ඉතාම ඉහළ ස්ථානයක සිටින අතර 98.6% ක් වැනි සනීපාරක්ෂාව පිළිබඳ හොඳ තත්ත්වයක ශ්‍රී ලංකාව සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම කමිටු රැස්වීම  නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ආරම්භ වන අතර  රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද සහභාගිවීමට නියමිතය.

    මෙම අවස්ථාවට සඳහා විදේශීය රටවල නියෝජිතයන් 26 දෙනකුගෙන් හා දේශීය නියෝජිතයන් 30 සහභාගි වෙති.

    පස්වන සකොසාන් සමුළුවේ දී ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු කලාපීය මධ්‍යස්ථානය පිහිටුවීමට කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන්  එය කොළඹ දී ස්ථාපිත කළ අතර ඉදිරියේ දී එය මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යරයා පෙන්වා දුන්නේය.

    දකුණු ආසියානු කලාපය තුළ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැති බොහෝ ජනතාවක් වෙසෙන බව අවබෝධ කර ගැනීමෙන් පසුව 2003 වර්ෂයේ මෙම ප්‍රථම සමුළුව පැවැත්වීමට ආරම්භ කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya