නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ජයක්

    සැප්තැම්බර් 07, 2017

    පසුගිය වසර කිහිපය තුළ තැනැත්තන් වෙළඳාම සම්බන්ධයෙන් අවදානම් කලාපයේ සිටි අපේ රට අද වන විට දෙවන පියවර දක්වා උසස් තත්ත්වයකට පත් කර තිබීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් අධිකරණ හා විදේශ රැකියා කටයුතු ඇමතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

    ඒ මහත්මිය ප්‍රකාශ කළේ එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කැප වී කටයුතු කළ යුතු බවයි.

    තැනැත්තන් වෙළෙඳාම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය නිල වශයෙන් දියත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවකට ඊයේ(6) දිනයේ සහභාගී වෙමිනි.

    මේ දෙවන මට්ටම ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති කාර්ය සාධක බලකාය හා ඕස්ට්‍රේලියානු රජය ලබා දුන් සහයෝගය අගය කළ යුතු වන අතර දෙවන පියවරේ සිට තවදුරටත් ඉදිරියට යා යුතු බව ඒ මහත්මිය පැවසුවාය.

    අධිකරණ සහ විදේශ රැකියා අමාත්‍යාංශ දෙකම ලැබීමෙන් මිනිස් වෙළෙඳාම මැඩලීමේ කාර්ය ශක්තිමත්ව ක්‍රියාත්මක කළ හැකි බවත් මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් විගමණික ශ්‍රමිකයන් සම්බන්ධව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා විදේශ රැකියා අමාත්‍යංශය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්තව නිලධාරීන් 1080 ක් පමණ සිටින අතර ඔවුන් මඟින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ඇමතිනිය ප්‍රකාශ කළාය.

    අධිකරණ අමාත්‍යාංශය යටතේ මෙන්ම ප්‍රධාන පෙලේ රාජ්‍ය ආයතනවල නියෝජිතයින්ගෙන් සැඳුම්ලත් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය තැනැත්තන් වෙළෙඳාම වැළැක්වීම මැඩලීමේදි මහජනයා දැනුවත් කිරීම සඳහා 2015-2019 වසර දක්වා විශේෂිත සැළැස්මක් ක්‍රියාවට නංවා තිබේ. තැනැත්තන් වෙළෙඳාම අවම කිරීම සම්බන්ධයෙන් සහායවීම නඩු කටයුතු පැවරීම සහ වැඩිදුර තොරතුරු සැපයීම සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සංවිධානය විසින් ක්ෂණික දුරකථන අංක 07 66 5 88 6 88 ට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය හැකි බවත් ඇමතිනිය පෙන්වා දුන්නාය.

    මේ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය අනුග්‍රහය ලබා දී  ඇති අතර මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ සංක්‍රමණිකයින් සම්බන්ධ අන්තර්ජාතික සංවිධානයේ iomcolombo@int විද්‍යුත් ලිපිනයෙන් හෝ 011 532 53 00 දරණ දුරකථන අංකයෙන් ලබා ගත හැකි බවත් වැඩිදුරටත් ඇමතිනිය  පැවසුවාය.

    මේ අවස්ථාවේ  ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්රීස් හචිසන් (BRYCE HUTCHIESSON), සංක්‍රමණිකයින් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී (GIUSEPPE CROCETRI), අධිකරණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් සුනිල් සමරවීර යන මහත්වරුන් ද අදහස් දැක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya