මේ අනුව කොළඹ සිට ගාල්ල දක්වා සහ පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි මෙන්ම විටින් විට හමන ඉතා තද සුළං (පැ.කි.මී.70-80 දක්වා ) සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටෙක පැ.කි.මී.60 දක්වා වැඩිවිය හැකි අතර එම ප්‍රදේශවල විටින් විට රළු විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
මෙම කාලගුණික තත්ත්වය හමුවේ විශේෂයෙන් ධීවර හා නාවික ප්‍රජාව මුහුදු කටයුතුවලදී ඉතාමත් සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා සිටියි.