ඒ අනුව එම විදුහලෙන් පිටවන ඩිප්ලෝමාව ලබා ගන්නා සියලු ඩිප්ලෝමාධාරීන්ට රජයේ පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවලත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රජයේ ආයතනවල සේවය සඳහා යොදවන බවද අමාත්‍යවරයා පැවසීය.
රජයේ කාර්යාලවලට බඳවා ගන්නා ඔවුන්ට සංඥා භාෂාවෙන් අවශ්‍යතා ඉටු කර ගැනීමට පැමිණෙන ආබාධ සහිත පුරවැසියන්ට සහනයක් සැලසීමට හැකියාව ලැබෙනු ඇතැයිද පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (31) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවති මහනුවර දිස්ත්‍රික් ආබාධිත ක්‍රීඩා උළෙලට සහභාගී වෙමිනි.
ආබාධ වලින් පෙලෙන දරුවන් සිටින සෑම පවුලකටම සමෘද්ධි ව්‍යාපාරයේ මැදිහත්වීමෙන් නිවාස තනාදීමේ වැඩසටහනක් දියත් කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බවත්, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය ආධාර උපකාර කීරීමේ වැඩසටහනක්ද දියත් කරන බවත් ඒ මහතා පැවසීය.
ආබාධ සහිත පුද්ගලයන්ට රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවා ලබා ගැනීමට යෑමේදී ඔවුන්ට අවශ්‍ය පරිදි ප්‍රෙවේශ මාර්ග යෙදීම රජය මගින් අනිවර්ය කර තිබුනත් තවමත් මෙ පහසුකම් සැලසීමට අපොහොසත් ආයතන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී එවැනි ඉදි කිරීම් සදහා අනුමැතිය ලබාදී ඇති නගර සභාවන්ට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන බවද සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වල ආබාධ සහිත දරුවන්ට ඉගැන්වීම සදහා විශේෂ පුහුණු ගුරුවරුන් බඳවා ගෙන ඔවුන්ට ගුරුපත්වීම් ලබා දී තිබුනත්, බොහෝ පාසල්වල එම ගුරුවරුන් විදුහල්පතිවරුන්ගෙන් වෙනත් විෂයන් ඉගැන්වීම සදහා අනුමැතිය ලබා ගැනීම නිසා එම දරුවන් අසරණ වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ පිළිබද මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ පළාත් අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කොට නැවත එම විශේෂ ඒකක ඇති කරවන බවද පෙන්වා දුන්නේය.
සමාජ සේවා අමාත්‍යංශය සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.
.